මාගේ පරම්පරාව ඈත අතීතයේ සිට පැවත එන්නේ සීතාවක රාජසිංහ රාජ්‍ය සමයේ පටන්ය, සීතාවක රාජසිංහ රාජෝත්තමයාණන් වහන්සේ සීතාවක රාජධානියේ ඉදිකරන ලද පරිවාර පත්තිනි දේවාලවලින් එක් පත්තිනි දේවාලයක් වන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ සීතාවක රාජධානියේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඹුලාන නම් ග්‍රාමයේ පිහිටි කඩදර ශ්‍රී පත්තිනි දේවාලයයි. 1870 වර්ෂයේ සිට පැවති සීතාවක රාජධානියේ කඩදර ශ්‍රී පුරාණ පත්තිනි දේවාලයේ කපු පරම්පරා හතරෙන් එක් පරම්පරාවක් වන්නේ අපගේ පරම්පරාවයි, සීතාවක රාජසිංහ රාජෝත්තමයාණන් විසින් 1870 වර්ෂයේ අප පරම්පරාවට අංගංපොර සටන් කලාව, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය, නිල වෙදකම, ජ්‍යේතිෂය පවරා ලබා දෙන ලද සන්නස් පත්‍රයද වර්තමානයේ දැනටත් මා සතුව ඇත. අප පරම්පරාව එකලටත් එහා සිට පැවතෙගෙන බවත් අප පරම්පරාවේ පැවත එන අංගංපොර සටන් කලාව, පාරම්පරික හෙළ බොදු නිල හස්තසාර වෙදකම, ජ්‍යේතිෂය, මන්ත්‍ර ශාස්ත්‍රය යන සිව් කලාවම වර්තමානයේ මා විසින් ඉදිරියට කරගෙන යමින් ඇත. අපගෙන් වියැකී යන අපගේ සදාචාරාත්මක බව සහ අපගේ සංස්කෘතිය, අපේ සිරිත් විරිත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපගේ ගුණාත්මක ඖෂධීය ආහාර රටාව, අපේ හස්තසාර හෙළ බොදු වෙදකම, අපට නොදැනීම අපෙන් දුරස් වී ඇත. වර්තමාන සමාජයේ දරු පරපුර පරිහානියට පත්වීමට ප්‍රධානතම හේතුව අපේ තිබූ හෙළ සාම්ප්‍රදායිකත්වය අපෙන් දුරස් වීමයි. අපට රෝග පීඩා ඇතිවීමට ප්‍රධාන හේතුව ඉපැරණි ආහාර රටාවෙන් දුරස් වී කෘතිම ආහාර රටාවකට හුරුවීමයි. 

හස්තසාර වෙදකම අපෙන් දුරස් වීම යන මේ සියලු‍ කරුණු කාරණා සලකා බලා මම මාගේ පරම්පරාවෙන් පැවත ගෙන එන අංගංපොර සටන් ශාස්ත්‍රය, හෙළ නිල හස්තසාර වෙදකම, ජ්‍යේතිෂය, මන්ත්‍ර ශාස්ත්‍රය යන සිව් කලාවන් එක් කර මා හට හැකි උපරිමයෙන් ලෝකයාට සේවාවක් ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා ඔසඳ හස්තසාර ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නමින් ආයතනයක් බිහි කර ඒ හරහා මාගේ සේවාව මේ වන විටත් ලෝකය වෙත සපයමින් පවතී.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා රජයේ පාසල්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංස්කෘතික මධ්‍යස්ථාන සහ අපගේ බෞද්ධ පන්සල් වලත් අංගම්පොර සටන් ශාස්ත්‍රය මාගේ පියාගේත් ගුරුවරුන්ගේත් ආභාසය මත ගුරු මුෂ්ටි සහිත උපදේශක වරයෙකු ලෙස වසර ගණනාවක් පුරාවට පුරුදු පුහුණු කර ගුණ ගරුක යහපත් නිරෝගී පුරවැසියෙක් සමාජයට බිහි කිරීමට මා හට හැකි උපරිමෙයෙන් මේතාක් කාලයක් ද දායක වී ඇත.

වර්තමානයේදී මාගේ පාරම්පරික හෙළ බොදු නිල හස්තසාර වෙදකමෙන් වර්තමාන සමාජයේ ඇති රෝගී තත්ත්වයන් හඳුනාගෙන එයට ඔසඳ හස්තසාර නිෂ්පාදන සීහෙල බෙහෙත් ඔබ අතට පත්කර නිරෝගීමත් මිනිසුන් සමාජයට බිහිකිරීම මාගේ ප්‍රධාන අරමුණයි.

"සොබා දහම විසින් මිනිසා ජීවත් කරයි"

-ස්වදේශී පාරම්පරික වෙදැදුරු 
රුවන් නිශ්ශංක ජිනදාස