හස්තසාර ඖෂධ නිෂ්පාදනයේ දී කිසිදු අයුරකින් යන්ත්‍ර භාවිතයක් සිදු නොකරන අතර ඖෂධයේ ගුණාත්මකබව රැක ගැනීම උදෙසා පාරම්පරිකව ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගන්නා ලද සාම්ප්‍රදායික ඖෂධ සකස් කිරීමේ ක්‍රමවේදයන් ඔස්සේ පමණක් ඖෂධ සකස් කරනු ලබයි. වත්මනේ වෙනත් ඖෂධ සමාගම් භාවිතා කරනු ලබන යන්ත්‍රානුසාරයෙන් ඖෂධ කැබලි කිරීම, ඖෂධ ඇඹරීම, තෙල් ලබා ගැනීම ආදී කටයුතු කිසිදු අයුරකින් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු නොකරයි. එලෙසින්ම ඖෂධ නිෂ්පාදනය පරම්පරාවේ පාරම්පරික පුස්කොළ පොත්වල ඇතුලත් රහස් වට්ටෝරු වලින් පමණක් සිදු කරයි. එලෙසින් සකස් කරන ඖෂධ නිෂ්පාදනයේ දී පිරිත් කිරීම සහ මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන ඖෂධයන්ට ජීව ගුණයක් එකතු කරනු ලබයි.
හස්තසාර ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ එකතු කර ගැනීම, ගබඩා කිරීම ඇතුළු සියලුම කටයුතු අප පාරම්පරික රහස් ක්‍රමවේදයන් ඔස්සේ ඖෂධයේ ගුණය නොනැසෙන ඖෂධ ලබා ගැනීමට සුදුසු ස්ථාන, දිශාව, වේලාව ආදීය නිසි අයුරින් යොදාගෙන ඖෂධ එක්රැස් කර ගැනීමට අපි දැඩි ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කරන්නෙමු.
අප පරම්පරාවට අතීතයෙන් බොහෝමයක් බලසම්පන්න තෙල් වර්ග අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වී ඇත. ඔවුන් ආරක්ෂ කර තැබූ කල්ප කාලයක් නොනැසී ජීව ගුණය පවතින එම බල සම්පන්න තෙල් මෙම ඖෂධ නිෂ්පාදනයේදී රහස් වට්ටෝරුවල සඳහන් වන පරිදි එම තෙල් වර්ග නියමිත මාත්‍රාවෙන් අපගේ ඖෂධ නිෂ්පාදන සඳහා යොදා ගනු ලබයි. එබැවින් මෙම ඖෂධ නිෂ්පාදන භාවිතයේදී පැහැදිලි වෙනසක් ඔබට අත්විඳීමට හැකිවන අතර ඔබ මේ මුලපුරනුයේ ශ්‍රී ලංකාවේ මෙලෙසින් ඖෂධ නිෂ්පාදනය කර ඔබ අතට පත් කරන අතිශය ප්‍රථම අවස්ථාවට වන බැවින් එම මා හැඟී ඖෂධයන් භාවිතා කර අප ඖෂධයන්ගේ ගුණ තෙද බලය ලබා ඔබත් සුවත් වී ඔබගේ ආදරණීයන්ද සුවත් කර ගනු මැනවි.
- ඔසඳ හස්තසාර ඹෟෂධ නිෂ්පාදන සමාගම
