Posts

Image
මා ගේ පරම්පරාව ඈත අතීතයේ සිට පැවත එන්නේ සීතාවක රාජසිංහ රාජ්‍ය සමයේ පටන්ය, සීතාවක රාජසිංහ රාජෝත්තමයාණන් වහන්සේ සීතාවක රාජධානියේ ඉදිකරන ලද පරිවාර පත්තිනි දේවාලවලින් එක් පත්තිනි දේවාලයක් වන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ සීතාවක රාජධානියේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඹුලාන නම් ග්‍රාමයේ පිහිටි කඩදර ශ්‍රී පත්තිනි දේවාලයයි. 1870 වර්ෂයේ සිට පැවති සීතාවක රාජධානියේ කඩදර ශ්‍රී පුරාණ පත්තිනි දේවාලයේ කපු පරම්පරා හතරෙන් එක් පරම්පරාවක් වන්නේ අපගේ පරම්පරාවයි, සීතාවක රාජසිංහ රාජෝත්තමයාණන් විසින් 1870 වර්ෂයේ අප පරම්පරාවට අංගංපොර සටන් කලාව, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය, නිල වෙදකම, ජ්‍යේතිෂය පවරා ලබා දෙන ලද සන්නස් පත්‍රයද වර්තමානයේ දැනටත් මා සතුව ඇත. අප පරම්පරාව එකලටත් එහා සිට පැවතෙගෙන බවත් අප පරම්පරාවේ පැවත එන අංගංපොර සටන් කලාව, පාරම්පරික හෙළ බොදු නිල හස්තසාර වෙදකම, ජ්‍යේතිෂය, මන්ත්‍ර ශාස්ත්‍රය යන සිව් කලාවම වර්තමානයේ මා විසින් ඉදිරියට කරගෙන යමින් ඇත. අපගෙන් වියැකී යන අපගේ සදාචාරාත්මක බව සහ අපගේ සංස්කෘතිය, අපේ සිරිත් විරිත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපගේ ගුණාත්මක ඖෂධීය ආහාර රටාව, අපේ හස්තසාර හෙළ බොදු වෙ...
Image
හ ස්තසාර ඖෂධ නිෂ්පාදනයේ දී කිසිදු අයුරකින් යන්ත්‍ර භාවිතයක් සිදු නොකරන අතර ඖෂධයේ ගුණාත්මකබව රැක ගැනීම උදෙසා පාරම්පරිකව ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගන්නා ලද සාම්ප්‍රදායික ඖෂධ සකස් කිරීමේ ක්‍රමවේදයන් ඔස්සේ පමණක් ඖෂධ සකස් කරනු ලබයි. වත්මනේ වෙනත් ඖෂධ සමාගම් භාවිතා කරනු ලබන යන්ත්‍රානුසාරයෙන් ඖෂධ කැබලි කිරීම, ඖෂධ ඇඹරීම, තෙල් ලබා ගැනීම ආදී කටයුතු කිසිදු අයුරකින් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු නොකරයි. එලෙසින්ම ඖෂධ නිෂ්පාදනය පරම්පරාවේ පාරම්පරික පුස්කොළ පොත්වල ඇතුලත් රහස් වට්ටෝරු වලින් පමණක් සිදු කරයි. එලෙසින් සකස් කරන ඖෂධ නිෂ්පාදනයේ දී පිරිත් කිරීම සහ මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන ඖෂධයන්ට ජීව ගුණයක් එකතු කරනු ලබයි. හස්තසාර ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ එකතු කර ගැනීම, ගබඩා කිරීම ඇතුළු සියලුම කටයුතු අප පාරම්පරික රහස් ක්‍රමවේදයන් ඔස්සේ ඖෂධයේ ගුණය නොනැසෙන ඖෂධ ලබා ගැනීමට සුදුසු ස්ථාන, දිශාව, වේලාව ආදීය නිසි අයුරින් යොදාගෙන ඖෂධ එක්රැස් කර ගැනීමට අපි දැඩි ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කරන්නෙමු. අප පරම්පරාවට අතීතයෙන් බොහෝමයක් බලසම්පන්න තෙල් වර්ග අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වී ඇත. ඔවුන් ආරක්ෂ කර තැබූ කල්ප කාලයක් නොනැසී ජී...